Colombo Today Local News

විදෙස් ත‍්‍රස්තයන්ගේ දත්ත ගබඩාවට පිවිසීමට ඉන්ටර්පෝල් ශී‍්‍ර ලංකාවට අවසර දෙයි

ත‍්‍රස්තවාදයට එරෙහිව කි‍්‍රයාකිරීම සඳහා පැරිසියේ සිට කි‍්‍රයාත්මක වන ඉන්ටර්පෝල් පොලිසිය විදේශ ත‍්‍රස්තවාදීන්ගේ දත්ත ගබඩාවට පිවිසීම සඳහා ශී‍්‍ර ලංකාවට අවසර දී ඇත.

මේ අනුව ඉතා සුළු මොහොතකින් විදේශ ත‍්‍රස්තයන් හඳුනා ගැනීමේ හැකියාව ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාවට හැකි බැව් ඉන්ටර්පෝල් පොලිසියේ මහලේකම් යාගෙන් ස්ටොක් මහතා හෙළිකර ඇත.

මෙතෙක් කල් ශී‍්‍ර ලංකා පොලිසියට හැකි වූයේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන් ගැන ඉන්ටර්පෝල් පොලිසියෙන් තොරතුරු ලබාගැනීමටය.

එහෙත් මින්පසු විදේශ ත‍්‍රස්තවාදීන්ගේ දත්ත ගබඩාවට ඍජුව පිවිසීම නිසා කඩිනමින් ත‍්‍රස්තයන් හඳුනා ගැනීමට හැකිවේ.

ඉන්ටර්පෝල් ආයතනය පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළ එක් ඉස්ලාමීය අන්තවාදියෙක් සවුදි අරාබියාවේ සිටියදී අල්ලා ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවට තොරතුරු සපයා තිබිණි.

Related posts

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

colombotoday

දුම්කොළ අඩංගු බුලත්විට විකිණීම අද සිට තහනම්.. අහුවුණොත් නඩු !

colombotoday

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin