Colombo Today Local News

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

විදුලිබල අර්බුදයට වගකිව යුත්තේ ආණ්‌ඩුවට වඩා විදුලිබල මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන්ගේ ආත්මාර්ථකාමී ලාභ අපේක්‍ෂාව බවට ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරු දොස්‌ නැගූහ.

විදුලිබල මණ්‌ඩලයේ ලේකම්වරයා කොමිස්‌ ගසන තක්‌කඩි නිලධාරියකු බවට මන්ත්‍රීවරුන් චෝදනා කරද්දී එම ලේකම්වරයා ද සභා ගැබ ආසන්නයේ පිහිටි රාජ්‍ය නිලධාරි කුටියේ සිට විවාදය දෙස බලා සිටියේය.

හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා හිතාමතා විදුලි අර්බුදයක්‌ මවා ඇති මෙම නිලධාරීන් කෙරවලපිටිය බලාගාරයෙන් අඩු මුදලට විදුලිය ලබාදීමට ලක්‌දනවි සමාගම ඉදිරිපත්ව සිටියදී විදුලි ඒකකයක්‌ රුපියලකට වැඩියෙන් චීන සමාගමකට ලබා දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරු කීහ.

විදුලිබල විෂය සඳහා පැමිණෙන සෑම ඇමැතිවරයකුම සාක්‌කුවට දමා ගන්නා ලේකම්වරයාගේ පෞද්ගලික වුවමනාව මත කෙරවලපිටිය බලාගාරය චීනයට ලබා දීම නිසා රුපියල් බිලියන අනූවක්‌ ලංකාවට අහිමි වන බවද කීය.

Related posts

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…

colombotoday

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

colombotoday