Colombo Today Local News

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

වැලිකන්ද,මහවැලිතැන්න,සිංහපුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්ත වළදමා තිබූ ජීව අත් බෝම්බ දෙකක් අද(10)දිනයේ හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.

එම ඉඩමේ හිමිකරු වන ඒ.එන්.එස්.මොහමඞ් (56) යන අය විසින් වැසි ගෙවත්තේ කාණුවක් කපමින් සිටියදී මෙම ජීව අත් බෝම්බ හමුවී තිබේ.

ඒ බව වැලිකන්ද පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එහි ගොස් විමර්ශන කටයුතු සිදු කර ඇත. එම අත් බෝම්බ දෙක බෙහෙවින් දිරාපත්ව තිබූ බවත් පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් විසින් එම බෝම්බ ඒ ස්ථානයේ වලදමන්නට ඇති බවටත් පොලීසිය සැක කරන බව විමර්ශන සිදු කරන නිලධාරීහු කීහ.

මෙම ජීව අත් බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීම සඳහා අරලගංවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දැනුම් දුන් බවත් අද දිනයේ එම නිලධාරීන් පැමිණ එම බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීමට කටයුතු කරනු ඇති බවත් පොලීසිය පැවැසීය.

වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

colombotoday

ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි

Admin

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

Admin

පාසල් දරුවන්ට වියලි ආහාර ද්‍රව්‍ය සලාකයක්

colombotoday

විශේෂ ජනපති පරීක්ෂණ කොමිසමට විනිසුරු සෝභිත පත් කෙරේ

colombotoday

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday