Colombo Today Local News

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා තාක්ෂණික උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මුදල් රාජ්‍ය ඇමතිගේ ලේකම් බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක – වගකිවයුතු නිලධාරීන් නිහඬ‍යි

Admin

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

colombotoday

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුව නීතීපති ඉල්ලීමට යලිත් විභාග කෙරේ

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday