Colombo Today Local News

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් ද වාස් ගුණවර්ධනට ඊයේ (05) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී අධිචෝදනා පත‍්‍රය භාර දෙනු ලැබිණි.

අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට රුපියල් ලක්‍ෂ පහක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකරුට විදේශ ගතවීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට පත්කරනා ලෙසටද නියෝග කළේය.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් වසර පහකට ආසන්න කාලයක් තුළදී රුපියල් තිස්කෝටි හැට දෙලක්‍ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා නගමින් එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා පසුගිය අගෝස්තු 8 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

එම නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වීම සඳහා දින නියම කිරීමට ලබන ඔක්තෝබර් 1 වැනිදා නඩුව යළි කැඳවීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

රජයේ අධිනීතිඥ නලින්ද හේවාවසම් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ජීවන්ත ජයතිලක මහතා විත්තිය නියෝජනය කළේය

Related posts

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

චීවරය ගැලවිය හැක්කේ සංඝාධිකරණයකට පමණයි.. ඥාණසාර හිමි නියෝජනය කරන්නේ සමස්ථ සංඝයාවහන්සේගේ මතයයි – රාමාඥ්ඥ මහා නාහිමි

colombotoday

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

colombotoday

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්..අවම දඩය ලක්ෂ 5යි

colombotoday