Colombo Today Local News

වරායේ 55 පැන්න අධ්‍යක්ෂ තියා ගන්න සාගලගෙන් සංදේශ තුනක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉක්මවා සිටින මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂවරයාගේ නිල කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක 2019 වසර තුළ පමණක් ඇමැති මණ්ඩල සංදේශ තුනක් ඉදිරිපත් කර ඇත.

මෙම නිලධාරියා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය. නමුත් පෙබරවාරි 27 වැනි දින ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර සේවා කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබේ. එම ඇමැති මණ්ඩල සංදේශයට දැඩි ලෙස විරෝධය පළ කළ ඇමැති අර්ජුන රණතුංග මෙම නිලධාරියා විසින් සිදුකළ දූෂණ හා වංචා ඇතුළත් ලිපි ගොනුවක්ද ඇමැති මණ්ඩලයට ලබාදී ඇත. එහිදී අනුමැතිය නොලැබුණත් විෂය භාර ඇමැතිවරයා 2019 මැයි 02 වැනි දින ඇමැති මණ්ඩලයට යළි ලිපියක් යොමු කරමින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා ගෙන ඇත. එම මාස තුනක කාලය අවසන් වන විට පසුගිය 27 වැනි දින විෂය භාර ඇමැතිවරයා යළි ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

මෙම තනතුර සඳහා සුදුසු අයකු බඳවා ගන්නා ලෙසට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතත් එම අනුමැතිය ක්‍රියාත්මක නොකිරීමට විෂය භාර ඇමැතිවරයා පියවර ගෙන ඇත.

Related posts

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin

මගධයේ ධනානන්ද රජතුමා නැවත ඉපදිලා.. දැන් නම සිරිසේනද? රනිල්ද?

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ව්‍යවස්ථා කමිටු වාර්තාවෙන් බෙදුම්වාදී බළලා මල්ලෙන් එළියට !

colombotoday