Colombo Today Local News

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

cey-620x360

එකක් රුපියල් 16.000 බැගින් ආනයනය කළ තාර බැරල් එක්ලක්ෂ පනස්දහසක් අලෙවි නොවීම නිසා තෙල් සංස්ථාවට කෝටි 240 ක පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වනවා. මෙම බැරල් තොගය ආනයනය කර ඇත්තේ පසුගිය කාර්තුවේ දී වන අතර මෙතෙක් තෙල් සංස්ථාව සතුව පැවති තාර ආනයනය කිරීමේ ඒකාධීකාරිය පසුගිය වසරේ දී පුද්ගලික සමාගම්වලට ලබා දීම නිසා මෙම බැරල් තොගය විකුණාගත නොහැකි වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව සමාගම් 32 කට තාර ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙන අතර තාර ආනයනයෙන් හා ඒවා පුද්ගලික අංශයට ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් ඉහළ නිලධාරින් කොමිස් ලබාගෙන ඇති බව සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday