Colombo Today Local News

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හොරණ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක කේ. සුනිල් පෙරේරා නැමැත්තා අද (08)දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඉන් අනතුරුව සැකකරු ලබන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

යතුරු පැදියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ කාන්තාවකට ඊට අදාළ ලේඛන ලබාදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

අපේ ආණ්ඩුවට වැරදුනා…

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට රතන හිමියෝත් එරෙහි වෙති

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Admin