Colombo Today Local News

ලංකාවට හානියක් කිරිමට අභිප්‍රායක් තිබුණේ නෑ – ස්විස් තානාපති

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිහාන්ස්‌පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

මෑතකදී ජනාධිපතිවරයා ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමා සහ තම රජය වෙනුවෙන් ජනාධිපති වෙත උණුසුම් සුබපැතුම් පළ කරමින් තානාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා “තමන් සියලු ශ්‍රී ලාංකියන්ගේ ජනපති” යැයි පැවසීම විශේෂයෙන් අගය කරන බවයි.

“ශ්‍රී ලංකාව සමග පවත්නා සාම්ප්‍රදායික සබඳතා ශක්තිමත්ව හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී ලෙස පැවතීම පිළිබඳව ස්විට්සර්ලන්තය සතුටට පත් වෙනවා”. යැයි ඔහු පැවැසීය.

 මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීයව බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන්  අවධානය යොමු කරමින් මොක් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි.

“දෙරටේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මිදී කිසියම් අනවබෝධයක් වෙතොත් එය ඉවත් කර ගැනීමට ද අපට අවශ්‍යයයි” යනුවෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඊට අදාළ විමර්ශන පිළිබඳ වත්මන් ප්‍රගතිය තානාපතිවරයාට විස්තර කළේය. “පැහැර ගැනීම සම්බන්ධ චෝදනාව සම්පූර්ණයෙන්ම ගෙතු සිද්ධියක් බව මේ වන විට මනාව තහවුරු වී තිබෙනවා. ඌබර් වාර්තා, දුරකථන සංවාද සහ සීසීටීවී දර්ශන වැනි ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි මේ බව තහවුරු කරනවා.

මම සහ මාගේ රජය අපකීර්තියට පත් කිරීමට කිසියම් පාර්ශවයකගේ අවශ්‍යතාවය මත තානාපති කාර්යාල සේවිකාව මෙසේ කටයුතු කළා විය හැකියි. සිදුවීමට මුහුණ පෑවා යැයි කියන නිලධාරියා මේ අයුරින් හැසුරුණේ ඇයි දැයි පැහැදිළි නැහැ යැයි” ජනාධිපතිවරයා කීය.

සිද්ධිය ප්‍රථමයෙන් වාර්තා වූ අවස්ථාවේ දී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කිසිදු වැරුද්දක් නොදකින බව ජනාධිපතිවරයා පැවැසීය. “එය සාධාරණයි, තම කාර්යාලීය සාමාජිකයෙකු ගැටලුවකට මුහුණ දී සිටින විට තානාපති කාර්යාලය ඊට මැදිහත් විය යුතු වෙනවා”. විමර්ශන කටයුතු කරගෙන යාම සඳහා රජයට සහාය වන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා සඳහන් කළේ එවිට සත්‍ය හෙළි වනු ඇති බවයි.

Related posts

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

colombotoday

වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි පවිත්‍රා ඉල්ලයි

colombotoday

නිමල් සිරිපාලට එල්ල කල අල්ලස් ඉල්ලීමේ චෝදනාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝගයක්

colombotoday

ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි.. අලුත් සිතියමක් හදයි…

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

ඡායාරූපයේ කතාව !

colombotoday