Colombo Today Local News

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට පටන් ගැනීම නිසා රට තුළ රෙදිපිළි නිෂ්පාදන ව්‍යාපාරය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨයෙක්  කීය.

වාර්තා වන ආකාරයට දැනට අමුරෙදි හා නූල් ආනයනයේදී කිලෝවකට රුපියල් 100/-ක සෙස් බද්දක් අයකෙරේ. එසේම එමගින් යම් නිෂ්පාදනයක් සිදුකළ විට එහි වටිනාකමට තවත් 10%ක මුදලක් එකතු කර ඒ සියලු ගාස්තු මත 15%ක වැට් බද්දක් පනවා තිබේ.

එම බදු රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රයට දරාගැනීමට අපහසු වීම හේතුවෙන් මෙම කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා කරන දස ලක්ෂයකගේ පමණ රැකියා අනතුරට ලක්ව ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙම කර්මාන්තය ආශ්‍රිත සමස්ත ව්‍යාපාරවල වාර්ෂික මෙහෙයුම අමෙරිකානු ඩොලර් කෝටි 100 (ඩොලර් බිලියනය) ක් පමණ වෙතැයිද සඳහන්ය.

ෙද්ශය

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

ලොරි රථයක ගැටී 15 හැවිරිදි දරුවෙක් මරු දකි

colombotoday

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

අම්පාර අක්කරෙයිපත්තුව නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කරයි

colombotoday