Colombo Today Local News

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සඳහා හෙට (05දා) දිවයිනට පැමිණිමට නියමිතය.

වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඔලෙග් මහතා ශ්‍රී ලංකා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට මෙසේ දිවයිනට පැමිණෙයි.

මෙම සංචාරය සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු හා  ඔලෙග් සලියුකොව් මහත්මිය ද සහභාගී වේ.

මෙම සංචාරය අතරතුර දී මෙම නියෝජිතයින් ජනාධිපති, අගමැති, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරු හමුවීමට නියමිතය.

එසේම ජයවර්ධනපුර යුද්ධ හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්‍ෂණය ආදී කටයුතු සඳහාද ඔහු එක්වෙයි.

මෙම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරි වෙත වඩාත් ගෞරවයක් හිමිකර දෙමින් පෙබරවාරි මස 04 දින නිදහස් චතුරස්‍රයේ දී පවත්වනු ලබන 72 වන නිදහස් දින පෙළපාලියෙහි විශේෂිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ද ශ්‍රී ලංකාව මඟින් අවස්ථාව ලබා දී ඇත.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර සබැඳියාව වසර 62 ක් පුරා දිවයන අතර මෙම සම්බන්ධතාවය මූලිකවම 1957 පෙබරවාරි මස 19 දින ස්ථාපිත වන ලදී. දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා බොහෝමයක් බොහෝ ක්ෂේත්‍ර වටා නිර්මාණය වී ඇති අතර ඒ තුලින් ආර්ථිකමය සංවර්ධනයක් සහ ශක්තිමත් ආර්ථික පදනමකට මංපෙත් සකසයි. එමෙන්ම දෙරට අතර අධ්‍යාපන, සමාජමය, සංචාරක කර්මාන්තය හා මත්ස්‍ය කර්මාන්තය ආදී ක්ෂේත්‍රයන් හී මනා සම්බන්ධතාවයක් ඇත්තේය.

Related posts

රනිල්ගේ පුද්ගලික ආරක්ෂකයාට හදිසි මාරුවක්!

Admin

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

Admin

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

වෛද්‍ය,හෙද හා ඉන්ජිනේරු විශ්‍රාම යෑම 63න් – මේ වසර අගදී 20,000ක් විශ්‍රාම ගන්වයි

colombotoday

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday