Colombo Today Local News

රුපියල යළි නැගිටියි !

ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙන අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.8කින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ඉකුත් වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී ඩොලරයට අමතරව යුරෝව සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. එම දත්තවලට අනුව යුරෝවට සාපේක්ෂව සියයට 3.7කින් රුපියලේ අගය ඉහළ ගොස් තිබෙන අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.7කින් රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.

එසේ වුවත් ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 1.6කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 0.1කින් ද රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ.

දෙසැම්බර් 27 වැනිදායින් අවසන් වූ සතියේදී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.39ක් වූ අතර විකුණුම් මිල රුපියල් 183.06 ලෙස දැක්විණි. එම සතියේ ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 181.23 ලෙස සටහන් විය. සතියකට පෙර ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 181.26 ක් ලෙස දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2018 වසරේදී ඇමෙරිකානු ඩොලරයේ සාමාන්‍ය අගය රුපියල් 181.57ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (31) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.66ක් වූ අතර විකුණුම් මිල  රුපියල් 183.33ක් විය.

මේ අතර ශ්‍රී ලංකා රුපියල මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වූයේ යැයි වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී සඳහන් කළේය.

Related posts

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

colombotoday

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

colombotoday

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday