Colombo Today Local News

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

අඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරා ගැනුණු ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය ඊයේ ආරම්භ කෙරුණා.

එහි පළමු අදියර සඳහා තෝරා ගෙන ඇති පිරිස 34,818 ක්. පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත‍්‍ර 25 ක් යටතේ මාස 06 ක විධිමත් පුහුණුවක් හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මෙම පුහුණු වැඩසටහන භාරව කටයුතු කරනවා.

පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට භඪූ 3 ශ්‍රේණීයේ සහතික පත‍්‍රයක් පිරිනැමෙන අතර පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ද හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් ‘‘දිළිඳුබවින් තොර ශ‍්‍රී ලංකාවක්’’ බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරන ලද්දක්. එය බහුකාර්යය සංවර්ධන කාර්යය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් කි‍්‍රයාත්මක කරනු ලබනවා.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කර දිළිඳුකම පිටුදැකීම හා ආදායම් විෂමතා හැකිතරම් සමනය කර ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරෙනවා.

Related posts

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

colombotoday

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

colombotoday

කොවිඩ් මරණ සාමාන්‍ය මිනී පෙට්ටියක් රු.18,000යි. මල්ශාලාව නිෂ්පාධකයාගෙන් ගන්නේ දෙදාහට. – රජයට මැදිහත්විය නොහැකි බව ඇමති කියයි

colombotoday

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday