Colombo Today Local News

රනිල්ට නොතීසි

එළඹෙන සැප්තැම්බර් මස 04 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද නොතීසි නිකුත් කෙරුණා. ඒ, හිටපු අග‍්‍රාමාත්‍යවරයා අද දින එම කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද කැඳවීමක් කර තිබුණා. එහෙත්, ඒ මහතා අද දිනයේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ ද නැහැ.

මේ අතර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සැප්තැම්බර් මස 09 වනදා හෝ 11 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද නැවතත් නොතීසි නිකුත් කෙරුණා. හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කළ පැමිණිල්ලකට අදාළවයි.

දිවිනැගුම, දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේ දී ස්වෙච්ඡුාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම හා ‘‘ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන්” සහන ලබාදීමේ සිද්ධීන්වලට, දේශපාලන බලපෑම් මත තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට වෛද්‍ය නිහාල් ජයතිලක එම කොමිසට පැමිණිලි කර තිබුණා.

Related posts

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

ඉන්ධන නැතුව කැළණිතිස්සේ ජනන කටයුතු නතර වෙයි

colombotoday

වී මිලදී ගන්න මෝල් හිමියන්ට සහනයක්

Admin

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

PCR ප්‍රතිඵල ප්‍රමාද වීම නිවැරදි තීන්දු ගැනීමට බාධාවක්

colombotoday