Colombo Today Local News

රනිල්ගේ ප්‍රතිත්‍රස්ත පනතට සජිත්ගේ විරෝධය… වහා අකුලාගන්නැයි කියයි…

ප්‍රතිත්‍රස්ත පනත නතර කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවැති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අම්පාර දිස්ත්‍රික්කයේ උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ “දිගාවැව්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එම කරුණු සඳහන් කළේය.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර රටේ පැවැති සාමකාමී වාතාවරණය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවැති දරදඬු ප්‍රතිපත්ති ලිහිල් කර එය ප්‍රතිත්‍රස්ත පනතක් ලෙස ගෙ ඒමට ආණ්ඩුව සූදානම් වූ බව ද අමාත්‍යවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“ පසුගිය 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයය හේතුවෙන් වත්මන් රජය මීට පෙර ගෙන ඒමට සුදානම් වූ ප්‍රතිත්‍රස්ත පනත නතර කොට, ඒ වෙනුවට තිස් වසරක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කළ යුතුයි.“

“අප්‍රේල් 21 වැනිදාට පෙර රටේ පැවති සාමකාමී වාතාවරණය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනනේ පැවති දරදඬු ප්‍රතිපත්ති ලිහිල් කර එය ප්‍රතිත්‍රස්ත පනතක් ලෙස ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වුණා….“

“ප්‍රතිත්‍රස්ත පනත්වලින් රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමට නොහැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ජාතික න්‍යාය පත්‍රයෙන් මඳක් පහළට ගෙනවිත් ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ඒම යුගයේ අවශ්‍යතාව බවත් කිව යුතුයි.  ජාතික ආරක්ෂාව විනාශ කරමින් රකින්නට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් නැහැ.“   “අප්‍රේල් 21 වැනිදා ආරම්භ කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සහය ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ප්‍රති නීතිරීති නිසයි. අද අපේ රට ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දෙන නිසා ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත එලෙසම තබා ගන්න ඕනේ. එයට තවදුරටත් දැඩි නීති ඇතුළත් කරමින් ශක්තිමත් කරන්න ඕනේ”. යයිද එජාප නියෝජ්‍ය නායකයා පැවසීය.

Related posts

අවුරුදු 10ක දුවෙක්ව බන්දලා දුන්නෝත් මුස්ලිම් අම්මට මොකුත් කරන්න ශක්තිය නෑ. – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

colombotoday

දකුණු මුහුදේ මසුන් මැරීම තහනම්!

colombotoday

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

colombotoday

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday

මාලිගාවත්ත සුෆි සොහොනක් මුස්ලිම් මන්ත්‍රීගේ මුලිකත්වයෙන් කඩා බිඳ දමයි. සුෆි මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක්.

colombotoday

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

colombotoday