Colombo Today Local News

රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණවලට තරංග නොකරයි

නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවැසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අපි එක මැතිවරණයක් කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා ලෙස ඉදිරියෙන් තබාගෙන. අපට මැතිවරණයෙන් මැතිවරණයකට එක එක ගමන් යන්න බෑ. අපි එක මතයකට ඇවිත් වැඩ කළා.

ඒ තීරණය අරගෙන ඉදිරියට යා යුතුයි. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.

එතුමාගේ මානසිකත්වය එහෙමනම් මම හිතනවා එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය භාරදිය යුතුයි කියලා. මම හිතනවා ඒක තමයි කාලෝචිත කියලා.”

Related posts

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday

සහරාන්ගේ බිරිඳ හාදියාට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

colombotoday

එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේ

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday