Colombo Today Local News

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට ගුවන් හමුදා සහය

රන්දෙණිගල ජලාශය ආසන්නයේ කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න ඊයේ (29) දින රාත්‍රීයේ හටගෙන ඇති අතර, ගින්න මැඩපැවැත් වීමට මේ වන විට ගුවන් හමුදාවේ සහය ලබා ගෙන තිබේ.

ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර යානාවක් මේ සඳහා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමක් අනුව ගින්න නිවීමට හෙලිකොප්ටර් යානයක් යොදවා ඇත.

බම්බි බකට් ආධාරයෙන් ගින්න ඇති වු ස්ථානයට ඉහළින් මේ වන විට ගුවන් හමුදාව ජලය හෙළීමට කටයුතු කරමින් සිටී.

Related posts

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

colombotoday

රු.ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කතක් මෝදරදී අත්අඩංගුවට

colombotoday

කල්මුණේ උපවාසයට දින දෙකයි – බලධාරීන්ගෙන් තවමත් පිළිතුරක් නෑ

colombotoday

ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙන්වන්න පුළුවන් – මුදල් ඇමති

colombotoday

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

colombotoday