Colombo Today Local News

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට විදෙස්ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

ඒ අනුව ලබන මැයි 13 වනදා සිට සැප්තැම්බර් මස 23 වනදා දක්වා මන්ත්‍රීවරයාට විදෙස්ගත වීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් එම අවසරය ලබා දී ඇත.

එමෙන්ම පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සඳහා ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා දැනුම් දී තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකට අදාළව පනවා තිබූ නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටින පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව විදෙස්ගත වීම තහනම් කරමින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

Related posts

හකීම්ගේ ජාතිවාදී රෙද්ද නාවලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ගලවා දමයි (Video)

colombotoday

විදේශිකයන් සමග විවහා ලියාපදිංචියට පැවැති බාධා ඉවතට

Admin

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

Admin

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday