Colombo Today Local News

රථ වාහන සදහා ජනවාරියේ සිටි තවත් බද්දක්…

මෝටර් වාහන සඳහා වන කාබන් බද්ධ ලබන වසරේ ජනවාරි සිය අයකරන බවත් විදුලියෙන් ක්‍රියාක්මක වාහන සඳහා එය අදාළ නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේඳී සඳහන් කළේය.

මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය ආරම්භකරමින් ඇමතිවරයාමේබව කීවේය.

“මුදල් පනත අනුව 2018 දී බදු නීති හයක් සඳහා ප්‍රතිපාදන පනතා තිබෙනවා. සංචාරයක බදු අනුව වාර්ෂික පිරිවැය මිලියන 12 ක පරිවැටුපක් සහිත සංචාරක ආයතන සඳහා බද්ධක් ක්‍රියාත්මකයි. කොටස් හුවමාරැ බද්ධ ඉවත් කළා. මෝටර් රථ ආනයනයේදී සුඛෝපභෝගි වාහන බද්ධ ලෙස බද්ධක් හදුන්වා දෙනවා. මන්දිර බද්ද අහෝසි කෙරෙනවා.

සුඛෝපභෝගි හා අර්ධ සුඛෝපභෝගී ලෙස පැවැති බද්ධ එක බද්ධත් ලෙස සංශෝධනය කිරීමට කටයතු කරනවා. වාහන හිමිකම් අයබද්ධ හා සමාගම් ලියාපදිංචි බද්ධ එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා වැඩසටහන යටතේ ඉදිරිපත්කරනවා.

මෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරියේ සිට අයකරනවා. විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත්වෙන්නේ නැහැ. ඒවගේම දුරකත කුළුණු බද්ධ ත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.”

Related posts

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

colombotoday

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

colombotoday