Uncategorized

රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නොවේ වෙනත් පාෂාණයක්ලු

ආන්දෝලනයට තුඩු දී තිබෙන රුපියල් කෝටි පන්සියයක් වටිනා බව කියන දියමන්තිය පිළිබඳව ඊයේ (11දා) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කළ මූලික පරීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ එය දියමන්තියක් නොවන විශේෂ පාෂාණයක් විය හැකි බවයි. 

දියමන්තියක් බවට විශ්වාස කරන මෙම විශේෂිත පාෂාණයේ හිමිකරු පොලිසියත් සමඟ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඊයේ පැමිණි අවස්ථාවේදී එහි සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ පිළිබඳව සොයා බැලීම සඳහා මැණික් පිළිබඳ විශේෂඥ දැනුමකින් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකට එහි මූලික පරීක්‍ෂණ කටයුතු භාර දී තිබේ. 

මෙම පාෂාණය පිළිබඳව එම ත්‍රිපුද්ගල කමිටුව කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ එය දියමන්තියක් නොව විශේෂ පාෂාණයක් විය හැකි බවයි.

Related posts

ලෝකයේ නම රැන්දූ සුපිරි කිරුළක් ලංකාවට අහිමි වෙයි.. රට රටවල වැඩ කිඩ මෙන්න !

colombotoday

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

Admin

බංගලි අරගලයෙන් පසු ආයෝජකයන් රටින් පිටවෙයි,ගාමන්ට් වැසී යයි,පෝළිම් රැසක්

Admin

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin