Colombo Today Local News

රට පාවා දෙන්නන්ට එරෙහිව ජීවිතය ගියත් සටන් කරනවා – ජනපති

රට පාවා දෙන්නන්ට, අයුක්තියට, අසාධාරණයට, දූෂණයට හා වංචාවට එරෙහිව යන ගමන කිසිසේත් අතර මඟ නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

තමාට නැති වන්නට ඇත්තේ ජනාධිපති ධුරය හා ජීවිතය යන දෙකෙන් එකක් හෝ ඒ දෙකම පමණක් බව පැවැසූ ජනාධිපතිවරයා තමා සෑමවිටම දේශපාලනයේ උඩුගම් බලා පිහිනා ගිය බවත් පැවැසීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්ති ජනාධිපති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (23) සවස එක්වෙමිනි.

තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේදී තමාවත් තම දියණිය ලියූ ග්‍රන්ථයත් දැඩිව විවේචනය කිරීම සදාචාරාත්මක නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රනිල් සමඟ අසාර්ථක දීගය යනුවෙන් ග්‍රන්ථයක් තමන් ලබන ජනවාරියේ එළිදැක්වීමට සූදානමින් සිටින බැවින් එම ග්‍රන්ථයත් කියවන්නැයි විවේචකයන් හට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

Related posts

අටළුගම ෆාතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් 10ක් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday