Colombo Today Local News

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

රට අභ්‍යන්තරයේ කුමන විවේචන එල්ල වූවද නව රජයේ වැඩපිළිවෙලට සමස්ථ ලෝකයේම ආශිර්වාදය හිමිව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ හේතුවෙන් සිදුකළ යුත්තේ දේශපාලන අවස්ථාවාදීන්ගේ විවේචනවලට පිළිතුරු බදිමින් සිටීම නොව රටක් ‍ජනතාවත් වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටු කිරීම බවද පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අතහිත ලබාදීමට ජාත්‍යන්තරයේ ඇත්තේ තරඟකාරීත්වයක් බව එහිදි සඳහන් කළ ජනාධිපතිවරයා රජයේ යහපත් රාජ්‍ය පාලනය සහ විදේශ පිළිවෙත ඊට ඉවහල් වී ඇති බව පවසා සිටියේය.

වසර 43කට පසුව මෙරට රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු නිල ආරාධනය සනිටුහන් කරමින් ලබන මාසයේ ජර්මනියේ නිල සංචාරයක් සඳහා තමාට ඇරයුම් ලැබී ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබේ.

Related posts

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday