Colombo Today Local News

රංගේ එජාපයෙන් දොට්ට?

පාලිත් රංගෙ බණ්ඩර මහලේකම් කමින් දොට්ට බරපතල මූල්‍ය වංචාවක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය
කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල මූල්‍ය වංචා කාරනා කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙවැනි තීරණයකට එළඹ ඇතැයි පැවසේ.

එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා ටය.

පසුගිය දින කිහිපයේ ඔහු ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායකයා ඊයේ (28) කටයුතු කර තිබිණ.

නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසට ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Related posts

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

Admin

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වසන්තා පෙරේරා

colombotoday

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday