Colombo Today Local News

රංගන ශිල්පී කාවිංගට ඇප. ලයිසන් අත්හිටුවයි. විනිසුරු නියෝගයෙන් ලක්‌ෂ 5 ක්‌ මරුණකරුගේ බිරිඳට ගෙවයි..!

අධික බීමතින් රිය පදවා මාරක අනතුරක් සිදුකර දින 14 ක් රිමාන්ඞ් භාරයේ සිටි රංගන ශිල්පී කාවිංග පෙරේරා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ප‍්‍රසන්න අල්විස් මහතා ඊයේ (03) දා නියෝග කළේය.

තවද ඔහුගේ රියැදුරු බලපත‍්‍රය අත්හිටුවන ලෙසත් රුපියල් ලක්ෂ පහක මුදලක් මරණකරුගේ බිරිඳට ගෙවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළ අතර රුපියල් ලක්ෂ පහක මුදල විවෘත අධිකරණය තුළදී එම අවස්ථාවේදීම ලබා දෙන ලදී.

රිය අනතුරින් මරණයට පත් වූයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයා පසුගිය 19 වැනිදා අලූයම 12.45 ට පමණ තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ අයෙකි.

රංගන ශිල්පියා අධික ලෙස බීමතින් රිය පදවා ඇති අතර අනතුර සිදුවීමට පෙර වාහනයේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත. මාර්ගයේ සුදු ඉරි අඳිමින් සිටි කම්කරුවන්ගේ ආරක්ෂාවට තබා තිබූ මාර්ග බාධක කිහිපයක් ද තල්ලූ කරමින් එම සේවකයන් පෙරළා ගෙන වාහනය ධාවනය වී තිබිණි.

අනතුර සිදුකර පළා යෑමට තැත් කළ වාහනය අවට සිටි අය විසින් අල්ලා එහි සිටි රංගන ශිල්පියාට පහරදී පොලිසියට භාරදී තිබිණි. තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (03 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම නඩුව මැයි මස 05 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Related posts

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්

colombotoday

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday