Colombo Today Local News

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ඔක්තෝබර් මස 10 වැනිදා සිට බලපවත්වන පරිදි සිදු වී ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

යෝෂිත රාජපක්ෂ මහතා 2006 වසරේ නාවික හමුදාවට බැඳුනේය.

ඩේලි මිරර් පුවත්පත විසින් කළ විමසීමකට ඒ මහතා සඳහන් කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධාන තනතුර භාර ගන්නා ලෙස කළ ඉල්ලීම අනුව නාවික හමුදාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

මේ අතර අද දිනයේ මාධ්‍ය අමතමින් යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර භාර ගෙන තවම සතියක් වත් ගත නොවූ නිසා තමන් වැඩ කරන ආකාරය දෙස අවුරුද්දක් බලා සිට චෝදනා කරන්න ලෙසයි.

Related posts

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

ආණ්ඩු හදන, ආණ්ඩු පෙරළන බ්‍රිතාන්‍ය සමාගම අගමැති රනිල් හමුවෙලා !

colombotoday

උපුල් ජයසුරිය ඥානසාර හිමිට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ සම්පත් අවභාවිතා කරයි

colombotoday

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

colombotoday