Colombo Today Local News

යොවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට මුස්ලිම් පල්ලිය කරන කුමන්ත්‍රණය !

පෙබරවාරි 22 වැනි දා පැවැත්වීමට නියමිත යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගැටලු සහිත තත්වයක් උදා වී ඇත. ප්‍රථමවරට විවෘත මැතිවරණයක් ලෙස පවත්වන මෙම මැතිවරණය යෞවන සමාජ සාමාජිකාවන් හට කිසිදු විශේෂ අවස්ථාවක් ලබාදී නොමැත..

මෙහි ඇති වී ඇති අනිත් තත්වය නම් මෙම මැතිවරණයේදී බොහෝ ආසනවල සුළු ජාතිකයින් විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින් ඉතා උපක්‍රමශීලී ලෙස විශාල ඡන්ද සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීම සිදුකරන අතර සුළු ජාතිකයින් සිටින සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජයග්‍රහණය ඔවුන්ට නතු වීම සිදුවීමයි. උදාහරණයක් ලෙස බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහල ඡන්ද 95,000 ද, මුස්ලිම් ඡන්ද 35,000 ක්ද තිබෙන අතර සාමාන්‍ය මැතිවරණවලදී ලියාපදිංචි ඡන්දදායකයින් සිටියත් මෙම ඡන්දය සඳහා ලියාපදිංචි විය හැකි මුළු තරුණයින් සංඛ්‍යාව 41,000ක් වේ. නමුත් මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ හාරදහසක් පමණ වන අතර මෙම තරඟය සඳහා මුස්ලිම් අපේක්ෂකයින් පස් දෙනෙකු සහ එක් සිංහල තරුණයකු ඉදිරිපත් වීමට නියමිතය.

නමුත් මේ වනවිට සිංහල තරුණයා ලියාපදිංචි කොට ඇත්තේ ඡන්ද අටසීයක් වන අතර මුස්ලිම් අපේක්ෂකයින් ඉතුරු සියල්ල ලියාපදිංචි කොට ඇත. මෙහිදී මෙම මුස්ලිම් අපේක්ෂකයින් පස් දෙනාම මේ වනවිට එක් මුස්ලිම් අපේක්ෂකයෙකුට තම සියලුම ඡන්ද යොමු කිරීමට කටයුතු සිදු කරනු ලබයි.

මෙම තත්වය මත කළුතර, පානදුර සහ බණ්ඩාරගම ආසනයේ අටලුගම අයිතිවෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහසු ජයග්‍රහණයක් මුස්ලිම් අපේක්ෂකයෙක් ලබාගැනීම ඉතා පැහැදිලි වී ඇත. ඔවුන් ජාතියක් ලෙස එකමුතුව මෙම තරුණ සිංහල පිරිස පරාජය කිරීමට කටයුතු කරන අතර මෙම තත්වය පාලනය කිරීම රජයේ පැහැදිලි වගකීමක් වෙයි.

මේ සඳහා අප යෝජනා කරනුයේ මෙම ලියාපදිංචි කටයුතු සඳහා තවත් කාලයක් ලබාදීම සිදුකරන ලෙස සහ මෙවැනි ව්‍යාජ අපේක්ෂකයින් නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසයි.

මෙම තත්වය උදාහරණයකට ගෙන කළුතර දිස්ත්‍රික්කයට පමණක් නොව ගාල්ල, කොළඹ, හම්බන්තොට, කුරුණෑගල හා ගම්පහ ප්‍රදේශ වලද මෙවන් දුෂිත ක්‍රියා යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය තුල සිදුවන බවට පැහැදිලි තොරතුරු ලැබී ඇත.

Related posts

බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයි

Admin

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

colombotoday

සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

Admin

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 12ක් ලංකාවට හයිබ්‍රිඩ් යුද අධිකරණයක් ඉල්ලයි

colombotoday