Colombo Today Local News

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ඊයේ සවස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීමට ගත් උත්සාහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කොට පළා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

අදාළ පහරදීම චුන්නාකම් පොලීසිය ආසන්නයේ පිහිටි ගෝල්ඩන් ජිම් නැමති ව්‍යායාම මධ්‍යස්ථානයට සිදුව ඇත. ඊයේ සවස යතුරුපැදි පහකින් 10 දෙනෙකු පැමිණ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන තුවාකරන් නැමති මන්ත්‍රීවරයා සොයා ඇති අතර එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා ව්‍යායාම මධ්‍යස්ථානයේ සැගවී සිටීම හේතුවෙන් පැමිණි පිරිසට මන්ත්‍රීවරයා සොයා ගැනීමට නොහැකි වීමෙන් ව්‍යායාම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යායාම උපකරණ වලට සහ ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කොට ඇති අතර වෙනත් පුද්ගල හානියක් සිදු කොට නොමැත.

ප්‍රදේශවාසීන් කියා සිටියේ ව්‍යායාම මධ්‍යස්ථානය ඇතුළු භූමිය එහි අයිතිකරු ස්වකැමැත්තෙන් පොලීසියට පැවරීමට පියවර ගෙන ඇති අතර අයිතිකරු විදෙස්ගතව සිටින හෙයින් ඉඩම පොලීසියට පැවරීමේ නීතිමය කටයුතු අදාළ තුවාකරන් නැමති මන්ත්‍රීවරයා සිදුකරමින් සිටි නිසා ඉඩම පොලීසියට පැවරීමට එරෙහිව ආවා කල්ලියෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවටයි.

Related posts

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්‍රතිචාර නෑ

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් නොමැති විමෙන් වාහන හිමියන් පිඩාවට.

colombotoday

“යල කන්නයට පොහොර දෙන්න සියල්ල සූදානම්.. “

colombotoday

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

colombotoday

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

colombotoday