Colombo Today Local News

යාපනේ ක්‍රීඩාංගණයක් අසලින් බෝම්බ ගබඩාවක් මතුවෙයි…

යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩ ගෙන ඇත.
 
පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දී, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අම්පන් සිවනොලික් ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑවේ වලදමා තිබූ ස්ථාන පරීක්ෂා කිරීමේදී මෙම කොටි බෝම්බ තොගය හමු වී ඇත.
 
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 47 ක් සහ පකිස්තානයේ නිෂ්පාදිත යුද ටැංකි විනාශ කළ හැකි කිලෝ 13 ක් බරැති විශාල ප්‍රමාණයේ අධිබලැති පීඩන බෝම්බ  4ක් තිබී ගොඩ ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව ඇත.


යුද සමයේදී  අදාළ බෝම්බ තොගය කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ වලක් කපා ගබඩා කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පළ කර සිටි අතර ගොඩ ගත් බෝම්බ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලු වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කලා – ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව හෙට

colombotoday

මැණික් ගල් 492 ක් සමග හාර්බර් බණ්ඩා අත්අඩංගුවට.

colombotoday