Colombo Today Local News

යාපනය ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේට ගල් ගසයි

යාපනය ආරියකුලම් මන්සන්ධියේ පිහිටි ශ්‍රී නාග විහාරයේ ඉදිකොට ඇති බුදුපිළිම වහන්සේ තැන්පත් කුටියට ඊයේ (09)දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල ගල් ප්‍රහාරයෙන් බුදු පිළිම වහන්සේට හානියක් නොමැති අතර බුදුපිළිම වහන්සේ අවරණය සඳහා යොදා තිබූ විදුරුවෙන් කොටසක් කැඩී ගොස් ඇති බවට පොලීසිය පැවසිය.

අදාල ගල් ප්‍රහාරය එල්ල කල බවට සැක කෙරෙන යතුරුපැදියක් පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන මාර්ගයෙන් මේ වන විට පරික්ෂ ආරම්භ කොට ඇති අතර කිසියම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

මෙම ගල් ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ ශ්‍රී විමල මිහියන් පවසා සිටියේ,

‘ඊයේ දිනයේ කිසියම් සිදුවීමක් වෙලා තියනවා මෙය කිසියම් අයෙක් යම් අන්තවාදී පටු අරමුනක් වෙනුවෙන් සිදුකරන ලද එකක් කියා සිතනවා නාග විහාරාධාපති වශයෙන් පවසන්නේ ජනතාවට සියලු දෙනා ඒ වෙනුවෙන් කලබල විය යුතු නැහැ මෙතෙක් කල සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් සහෝදරත්වයෙන් සිටියා සේ සිටිය යුතුයි මෙවැනි අඩු මානසිකත්වයක් ඇති පිරිස්වල ක්‍රියාවන් නිසා කලබල විය යුතු නැහැ.

මේ වන විටත් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් පරික්ෂණයක් සිදු කරනවා නමුත් අපි කනගාටු වෙනවා මේ වගේ මානසික මට්ටමේ අය අපේ සමාජය අතරත් සටීම ගැන මොකද බුදුදහම කියන්නේ සියලු ආගම්, ජාතීන් වෙනුවෙන් දයාව කරුණාව දක්වන නිසාවෙන්’.

Related posts

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

colombotoday

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

colombotoday

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday