Colombo Today Local News

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිංහල සිසුන් සහ දෙවන වසරේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකදී දෙවන වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේදී යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිසුන් පිරිසක් විසින් දෙවන වසරේ සිසුන් පිරිසකට ඊයේ රාත්‍රී 10 ට පමණ නවකවදය දීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිවුවන වසරේ සිසුන් විසින් දෙවන වසරේ සිසුන් වෙතට පහර දී ඇති බව වාර්තා වෙයි.

මේ අනුව පහරකෑම ලක් වූ සිසුන් විසින් පහරදුන් සිසුන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවටද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද පොලීසියෙන් ඉල්ලා ඇති අතර අදාළ පහර දීම සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

Related posts

බරපතල ජාතික උවදුරක් අත ළග ! මහා සංඝරත්නය දළදා මළුවේ මහ අධිෂ්ඨාන පූජාවකට සැරසෙයි

colombotoday

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක්

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday

ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !

colombotoday