Colombo Today Local News

යහපාලන ඇමතිලාගේ නකල්ස් ඉඩම් කොල්ලයට, පක්ෂ විපක්ෂ පුංචි මන්ත්‍රීවරු විරෝධය දක්වති

නකල්ස් වනාන්තරය ආසන්නයේ ඇති වතු ඉඩම් බදුදීම සම්බන්ධයෙන් අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ කරන බව මහ සභා රැස්වීමේදී පැවසීය.

ප්‍රාදේශීය සභා සභාපති එම්.යෝගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු සභාපති එම්.යෝගරාජා මහතා පැවසුවේ මහවැලියේ ජල පෝෂක ප්‍රදේශයක් මේක. මේවා විකුණන්න යන්නේ. ඇතැම් ඉඩම් සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කර අවසන්. මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන ජල මුලාශ්‍රක ප්‍රදේශය මේ නකල්ස් කදුවැටිය. මේ වනාන්තරය විනාශ කළොත් කාන්තාරයක් බවට පත්වේවි. අපි ඉල්ලන්නේ මේ බදු දෙන එක නවත්වන්න කියලයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා.සභා මන්ත්‍රී සුනිල් විජේතිලක මහතා මෙසේ පැවසීය.

අපිට ආසන්නයේ ඇති කටාරම්තැන්න වැව ආශ්‍රිත ඉඩම් හෝටල් හදන්න මේ වන විටත් දීලා ඉවරයි. මේවා පරිසර ඇමැති ලෙස ජනාධිපතිවරයා දැනුවත් විය යුතුයි. අපි කියන්නේ ජනාධිපතිවරයාගේ සිහිනය කියන මොරගහකන්ද ජලාශය අනාතගයේ දී ජලය නැතිව සිදේවී. එතකොට ජනාධිපතිවරයාගේ සිහිනය බොද වී යාවි.

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ස්වර්ණ කුමාර රත්නායක මහතා මෙසේ කීවේය.

මේ වැඩ කිසිසේත් කවුරු කළත් අනුමත කරන්න බැහැ. රත්තොට වතු දහයක් විනාශ වෙනවා. අපිට කතා කරන්නැතිව ඉන්න බැහැ. මේ වතු විකුණලා දැම්මාම මේවායේ සිටියාම එහි ජිවත්වන ජනතාවට මොකද වෙන්නේ. ඒ පිරිස් එළියට ඇදලා දාන්නද හදන්නේ. ඒ නිසා අපි පක්ෂ පාට ජාති භේදයෙන් තොරව මේ ක්‍රියාවට විරුද්ධයි.

නකල්ස් වනාන්තර ආශ්‍රිතව සිදු කරන මේ විනාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැඩි ලෙස විවේචනය කළේය.

Related posts

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?

colombotoday

නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඉල්ලයි !

colombotoday

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

colombotoday

ජනපති මෛත්‍රී උතුරු කොරියාවේ එළිපත්තටම යයි.. බැලස්ටික් මිසයිලයට ලිඛිතව විරෝධය දක්වයි

colombotoday

බන්ධනාගාරයේදී ඤාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?

colombotoday