World

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වි පසුගිය පෙබරවරි 21 දා සිට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඉතාලියේ කතෝලික පදවි 7 ට අයත් පූජකවරුන් මෙලෙස මියගොස් ඇති බවත් ඔවුන්ගේ බහුතරය විශ‍්‍රාම සුවයෙන් සිටි පූජකවරුන් බව වාර්තා වේ.

මෙයින් බෙර්ගමො ප‍්‍රදේශයෙන් පූජකවරුන් වැඩිම පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන අතර එය 25 දෙනෙකි.

පාර්මා ප‍්‍රදේශයේ  පිහිටි මිෂනාරි පූජකයන් නවාතැන් ගෙන සිටි ස්ථානයක සිටි පූජකයන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් එය එක් ස්ථානයක මියගිය වැඩිම පූජකයන් පිරිස් ලෙසද වාර්තා  වේ.

මිලාන් බෙර්ගමො  බ්‍රේෂියා  පර්මා ක්රෙමොනා පවියාලා ස්පෙසියා යන පදවි වලින් මෙලෙස පූජක මරණ වාර්තා වි ඇති අතර මියගිය සියලුම පූජකවරුන් වයස අවුරුදු 60 ට ඉහළ අය බවද වාර්තා වේ.           

Related posts

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday