Colombo Today Local News

මේ වගේ පොලිස්පති කෙනෙක් ගැන අපිට ලැජ්ජයි – ජනපතිගෙන් පොලිස්පතිට දොස් මුරයක්…

ඊයේ 2වැනිදා පැවති කැබිනට් මන්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක‍්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක්කර ඇතැයි වාර්තා වනවා.

මෙවැනි පොලිස්පතිවරයෙකු සිටීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සියලූදෙනා ලැජ්ජාවට පත්විය යුතු බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළ බවටයි වාර්තා වන්නේ.

රටේ අපරාධ සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුවී ඇතැයි සඳහන්. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයට සාපේක්ෂව මේ වනවිට රටේ අපරාධ සංඛ්‍යාත්මකව අඩු වී ඇති බවයි.

එහෙත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත්තේ සුළු අපරාධ අඩු වී ඇතත් මිනීමැරුම් ඇතුළු දරුණු මට්ටමේ අපරාධ තවදුරටත් සිදු වන බවයි. අපරාධ වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද එහිදී අදහස් දක්වා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැනි සිද්ධීන් හේතුවෙන් වැඩිපුරම ජනතාවගෙන් බැණුම් ඇසීමට සිදුවන්නේ තමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට බවයි.

Related posts

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

colombotoday

එජාපෙ න් ජනපති සටනට එනවා – ධම්මික පෙරේරා ජනපතිට, විපක්ෂයට දැනුම් දෙයි !

colombotoday