Colombo Today Local News

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

අද (21) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සහ මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ වන මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හමුවුණි.

මහ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Related posts

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

දඬුවම් දෙනවද, නැද්ද?… ගාලුමුවදොර ගිය මන්ත්‍රීන් නිසා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව බෙදෙයි…

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

Admin