Colombo Today Local NewsTop Stories

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

“දේශය ගොඩනගන අපගේ ශක්තිය” යන පාඨය භාවිතා කරමින් වානේ කම්බි අලෙවි කරනු ලබන අංක 411, මීගමුව පාර වත්තල යන ලිපිනයේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇති මෙල්බර්න් මෙටල් (පුද්ගලික) සමාගම (Melbourne metal (pvt) Ltd.) වංචා සහගත ලෙස සිය පිරිවැටුම අඩුකොට ආදායම් බදු ගෙවන බව සඳහන් කරමින් සංවිධාන කිහිපයක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව විසින් එම පැමිණිලි පිළිබඳව විමර්ශනයක් මේ වන තෙක් සිදු නොකළ බවත් ඊට විරුද්ධව එම සංවිධාන අධිකරණය ඉදිරියට යාමට තීරණය කර ඇති බවත් Colombo Today වෙත වාර්තා වෙනවා.

සිය අලවියෙන් 30% කට පමණක් බදු ගෙවන බවත් ඉතිරි 70% ට බදු නොගෙවන බවත් මෙසේ කරනුයේ හාඩ්වෙයාර් ද සම්බන්ධ කරගෙන බවත් එම සංවිධාන විසින් පසුගිය වසරේ කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

Related posts

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday

CEPA විරෝධයට අගමැති කළ අපහාසය තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ හෙළාදකී

colombotoday

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday