Colombo Today Local News

මුස්ලිම් ළමයි කළ පිපිරවීම ගැන ලැජ්ජයි… ඒ ළමයිවත් දන්නේ නෑ ඒ ගැන… මෙච්චර කරයි කියල අපි හිතුවෙ නෑ – බදියුදීන්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටුවෙන බවත් මේ පි ළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

හිරු නාළිකාව හරහා විකාශය වූ සළකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නමින් මේක කරපු නිසා.

මේ අන්තවාදය, ත්‍රස්තවාදී කල්ලි ගැන ඒ අයගේ හැසිරීම ගැන අපේ විද්වතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු දේශපාලඥයින් ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය භාර සහ්රාන් සම්බන්ධවත් ඒතුමා ගැනත් ඒතුමා කථා කරපු වොයිස් කට් ගැනත් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබුණා.”

අපි මේක මෙච්චර දුරට කරයි කියලා හිතුවේ නෑ. අයි.ඒස්.අයි.ඒස්. කථාකරපු ඒක ළගදී තමයි සම්බන්ධ වුණේ. මේ ගැන විස්තරාත්මත තොරතුරු දුන්නා. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තිබෙනවා. ආරක්ෂක අංශයටත් බැරිවුණා මේක අල්ලන්න. ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව දැන් දුකින් ජීවත් වෙන්නේ.

අයි.එස්.අයි.එස්. කටයුතු කරන්නේ ඉස්ලාම් දහමට විරුද්ධවයි. මේකට සම්බන්ධ වුණ ළමයි දන්නෙත් නෑ මොකටද කළේ කියලා. ”

ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බවද බද්යුදීන් මහතා පැවැසීය.

තමන් ඉන්ෂාෆ් පිළිබඳව දැනුවත් බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට අත්අඩංගුවේ පත්වන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ඉන්ෂාෆ් බිරිඳගේ පියා රිෂාඩ් බද්යුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.

“ අමුද්‍රව්‍ය දෙක එක අපේ වගකීමක්. ප්‍රශ්ණයක් වුණාට පස්සෙ තමයි මේක එළියට ආවේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. කොතනහරි වැරදීමක් වෙලා තිබෙනවානම් දඬුවම් දෙන්න ඕන.

කවදාවත් ඉන්ෂාප් කියන එක්කෙනා මාව හමුවෙලා කොම්පැණිය ගැන කියලා මාව හම්බෙන්න ආවේ නෑ. ඔයාලා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්. ”

ඉන්ෂාප්ගේ සමාවට සීමාව ඉක්මවා හිස් තුවක්කු උණ්ඩ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

– ada

Related posts

කටුනායක ගුවන්තොටුපල මාස තුනකට වහයි.. සියළු ගුවන් යානා මත්තලට හරවයි !

colombotoday

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

colombotoday

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

සදාකාලිකවම හිරගෙදරට යාමට හෝ මිය යාමට සූදානම් – නාමල් කුමාර

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday