මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පිහිටි හින්දු කෝවිලක් ආසන්නයේ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එහි කැනීමක් සිදු කිරීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර විසින් මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පුදුකුඩිඉරිප්පු මුත්තුමාරි අම්මාන් කෝවිල් ආසන්නයේ මෙම කැනීම සිදු කරනු ලැබුවේ අදාළ ස්ථානයේ එල්.ටී.ටී.ඊ. ආයුධ ඇති බවට පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවය.
පස් කපන යන්ත්රයක් ආධාරයෙන් අදාළ ස්ථානයේ කැනීම් කිහිපයක් සිදු කර කිසිදු ආයුධයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගත් බවටද පරික්ෂණ සිදු කල පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.