Colombo Today Local News

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

රත්නපුර මුද්දුව ප‍්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ  62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත‍්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාර්තු මස මුල් භාගයේදී  කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

එසේ පළමු වරට රත්නපුර මුද්දුව ප‍්‍රදේශයේදී කොවිඞ් 19 අාසාදිත රෝගීන් හමුවූ පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය  71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ ක‍්‍රියාත්මකව කටයුතු කර තිබුණි.

රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත‍්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.

මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම  කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.

Related posts

රොබෝ තාක්ෂණයෙන්මෙරට නිෂ්පාදිත සේලයින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි

colombotoday

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

ඌරු මස් කෑම අවධානම්

Admin

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday