Colombo Today Local News

මුදලටවත් ලබාගත නොහැකි පොහොර ඉල්ලා වැලිමඩ ගොවීන් විරෝධතාවයක රටේ කිසිදු පොහොර හිඟයක් නොමැති බව පොහොර ලේකම් කාර්යාලය පවසයි

මෙවර යල කන්නයේ අර්තාපල් සහ උඩරට එළවළු වගාව සඳහා හිඟයකින් තොරව පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් වැලිමඩ ගොවීන් අද(06)දින පෙරවරුවේ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණි.

ඊට සහභාගී වී සිටි ගොවීන් සඳහන් කර සිටියේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර සහනාධාරය කෙසේ වෙතත් මුදලටවත් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

කෙසේ වෙතත් රටේ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් සියලු පොහොර බෙදාහැර අවසන් බවත් පොහොර ලේකම් කාර්යාලය පැවසුවත් දඹුල්ල නගරයේ වෙළඳසැල් ඉදිරිපිට පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් රැඳීසිටි බව වාර්තා වේ.

Related posts

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday

IMF නියෝජිතයින් හා ජනපති හමුව අද

Admin

මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්… 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin

අගමැති රනිල් කල් මරමින් සිටි, මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන අල්ලස්, දූෂණ පනත වහා සම්මත කරන්නැයි ජනපති දන්වයි….

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin