Colombo Today Local News

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

VIJEDASAඇවැන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන මිනීමරුවන් සහ කප්පම් කරුවන්ගේ ඉල්ලීම්වලට මුලා වී ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තරම් තමන් අඥනවන්තයකු නොවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) “දිවයින”ට පැවැසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මෙය අපි හදපු ආණ්‌ඩුව, අපි මෙම ආණ්‌ඩුව රැක ගත යුතුයි. මිනිමරුවන් කප්පම්කරුවන් අස්‌වෙන්න කියපු පලියට මම අස්‌වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ කවුද?

මට ඉවත් වෙන්නැයි කියන උදවිය හරිනම් තවදුරටත් තනතුරේ සිටින ලෙස බලපෑම් කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහතා රට පාලනය කළ සමයේ ඔය කෑගසන උදවිය කොහෙද හිටියේ කියලා මං අහනවා.

රටේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් සැබෑ තත්ත්වය අවබෝධකරගෙන සිටියදී අහක ඉන්න උදවියයි කෑගහන්නේ. තනතුරෙන් ඉල්ලා අස්‌වෙන්න තරම් මා මෝඩ නැහැ. ඇවන්ගාඩ් සැබෑ තත්ත්වය ගැනයි මා කිව්වේ. අපේ නීති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්‍ෂා කළ යුතුයි. මට ඔවුන් පාවා දෙන්න බැහැ. රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ.

ඇවන්ගාඩ් පිළිබඳව මම සැබෑ තත්ත්වය ප්‍රකාශ කළේ හැංගිහොරා නොවේ. අපට සත්‍ය කතාකරන්න නිදහස තිබෙනවා. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සත්‍ය අවබෝධ කරගෙන තිබියදී අහක සිටින උදවිය අද මා වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වනවා.

Related posts

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

“ටී.බී. ඒකනායක FCIDයට කැඳවීම සිල්ලර වැඩක්” – ඇමති අමරවීර

colombotoday

මිනුවන්ගොඩින් උණ්ඩ තොගයක් සමග ගිනි අවි, තියුණු ආයුධ සහ වාහන අංක තහඩු කීපයක් අල්ලයි

colombotoday