Colombo Today Local News

ජවිපෙ ‘ඇවන්ගාඩ්’ ඩැහැගැනීමට අරඅදින මාධ්‍ය මුදලාලිගේ හුරතලෙක්? – හරීන්ගෙන් ඉඟියක් (Video)

කවුරුන් මොන කයිවාරු ගැහුවත් විජේදාස රාජපක්ෂ මහතා හා තිලක් මාරපන මහතා තරම් නීති ක්ෂේත්‍රය පිළිබද හසල අත්දැකීම් ඇති විශාරදයන් දෙදෙනෙක් තවත් නැති බවත් ඇවන්ගාඩ් සිද්ධිය පිළිබදව ඇත්ත කතා කිරීම නිසා තිලක් මාරපන මහතාට සහ විජයදාස රාපක්ෂ මහතාට ආණ්ඩුවේම සමහරුන් දිගට හරහට පහර දෙමින් සිටින සිටින බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පෙන්වා දුන්නේ දැවැන්ත ආදායමක් ලබන ඇවන්ගාඩ් ව්‍යාපාරය ඩැහැගැනීම සදහා එක්තරා මාධ්‍යාතනයක් හිමිකාරීත්වය දරන සමාගමක් ක්‍රියාත්මක වී සිටින බවයි. ඇවන්ගාඩ් නීති විරෝධීයැයි යන මතය ගොඩ නැගීම සදහා කෑගහන දේශපාලකයන් මෙහෙයවන්නේ එම මාධ්‍ය ආයතනය හිමි සමාගම බව ප්‍රසිද්ධ රහසක් බවත් හරින් ප්‍රනාන්දු මහතා එහිදි ප්‍රකාශ කර තිබුණා.


ඇවන්ගාඩ් මඩ ගහන්න “වම දකුණ” මාරුවූ පක්ෂ ලොක්කෙකුට මහාරාජාගෙන් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්!

ඇවන්ගාඩ් ව්‍යාපාරය නීතිවිරෝදී ව්‍යාපාරයක් ලෙස සමජගතකරීම සදහා එම ව්‍යාපාරය  තමන් සතු කරගැනීමට මාන බලන සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන හිමිකරුවකු විසින්  රටේ තුන්වන බලය ලෙස පෙනීසිටීමට උත්සහකරන වම දකුණ මාරු වූ දේශපාලන පක්ෂයක නායකයා වෙත  කොටි ගණනක මුදලක් ලබාදී ඇති බව වාර්තා වෙනවා. ඇවන්ගාඩ් මෙරිටයිම් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කරදමා එම ව්‍යාපාරය එම මාධ්‍ය ආයතනය හිමිකරු සතු කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විටද ක්‍රියාත්මකව පවති.

අදාල මධ්‍ය මුදලාලි සතු නාවික සමාගමක්  හරහා මෙම අවි ගබඩාව පවත්වාගෙන යාමේ අවසරය ලබා දෙන ලෙස මේ වන විටත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අයදුම් කර ඇති බව පැවසෙනවා.  මෙම මෙහෙයුම සිදුවන අතරේ ඇවන්ගාඩ් සමාගම නීති විරෝධී එකක් බවත් එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවත් යන මතය රට තුළ ගොඩ නැගීමේ කොන්ත්‍රාත්තුව එකී දේශපාලන පක්ෂ නායකයාට බාර දී තිබෙන බවද වාර්තා වනවා. අදාල මාධ්‍ය ආයතනය පසුගිය මැතිවරණයේදී එම දේශපාලන පක්ෂය වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන් බවද ප්‍රකට කරුණකි.

මේ අතර පසුගිය සමයේ බල පෙරළියට වෙනුවෙන් විශාල බරක් ඇද්ද ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන පුරවැසි සංවිධානයක ප්‍රධානින් කිහිප දෙනෙක් අදාල මාධ්‍යායතනයේ හිමිකරු  පසුගිය දිනක හමු වී ඇති බවද අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍ර වාර්තා කරනවා.

Related posts

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday

දැවැන්ත මූල්‍ය වංචාවක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

colombotoday