Colombo Today Local News

මැදවච්චියට ප්‍රබල භූ කම්පනයක් – ජනතාව බිය වී නිවෙස්වලින් එළියට බසී

ඊයේ (18) රාත්‍රීයේ හටගත් භූ කම්පනයක් හේතුවෙන් මැදවච්චිය ජනතාව දැඩි භීතියකට පත්ව තිබෙනවා.

රාත්‍රී 11.02 ත් 11.05 ත් අතර සිදුවූ මහා හඩක් සහිත මේම භූ කම්පනයෙන් තම නිවාස හා ගෘහභාණ්ඩ මෙන්ම පොළව සෙලවී ඇති බව ඔවුන් පැවැසීය.

56000 ට ආසන්න මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාව නිදිවරමින්, භිහිසුන්ව ගත කළ එම රාත්‍රිය පිළිබඳ අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ,

පෙරිය උලුක්කුලමේ ධම්මානන්ද හිමි,
මම බණ පොතක් කියව කියවා හිටියේ. ඊයේ රාත්‍රී 11.02 ට විතර එක් වරම විශාල සබ්ධයක් ඇහුණා. ඒ එකක්ම බිත්ති දෙදරන්න ගත්තා. පොලව යටින් තමයි මේ සබ්ධය ආවේ. නමුත් කිසිදු කරදරයක් පරණහල්ම්ල්ලෑව ගම්මානයේ මගේ ධායක පිරිසටවත් මටවත් සිදු වුණේ නෑ. මේ භූකම්පනයක් කියන දේ හැමෝම දැනගෙන හිටියා. ඒ නිසා ආරක්ෂිත ස්ථානවලට හැමෝම ගියා.

සුම්ත් ජයසිංහ මහතා,
මම ටීවි බලමින් තමයි ඒ වෙලාවේ හිටියේ. එක් වරම මහා හඩක් ආවා. පොළව යටින් තමයි ඒ හඩ ඇහුණේ. ඒ එක්කම බිත්ති ගේ දොර බුඩු භාණ්ඩ හෙලවුණා. අපි බය වෙලා ගේන් මිදුලට බැස්සා. මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. අනතුරුව මම අදාල බලධාරින් දැණුවත් කළා.

ආර්.ජානකි කුමාරි,
රෑ 11.02 ට විතර එකවරම අමුතු සබ්දයක් ආවා. ඒ එකක්ම ගෙදර හෙලවුණා. අපි දරුවොත් අරගෙන මිදුලට බැස්සා. මොකද්ද වුණේ කියලා දන්නේ නෑ. උදේ තමයි දන්නේ භූ කම්පනයක් කියලා.

නෙරන්ජලී දිසානායක,
මම දරුවක් එක්ක ඇදේ හිටියේ. එක පාරටම ඇද හෙලෙවෙන්න ගත්තා. මම ලග තිබුණු පුටුවකින් ඇල්ලුවා. ඒකත් හෙලවුණා. මොක්ද්ද වුණේ කියලා දන්නේ වුදේ තමයි. අපි බියෙන් හිටියේ.

මෙම සිදුවීම පිළිබඳව අප අනුරාධපුර දිස්ත්‍රික් සහකාර ආපදා අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් සනත් දිසානායක මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ,
රිප්ත මාපක 2.3ක භූ කම්පනයක් ඊයේ රාත්‍රියේ සිදුව තියෙනවා. එය වව්නායාවට සහ කිලෝමීටර් 23 ක් අනුරාධපුර දෙසට පැතිර තිබෙන්නේ. මෙම භූ කම්පනය කැබිතිගොල්ලෑව, ගෝණමැරියාව ප්‍රදේශයේ පොලව අභ්‍යන්තරව කිලෝමීටර් 8ත් 10 ත් අතර ඇතුලත තමයි සිදුවී තිබෙන්නේ. එහි තරංග ගමන්කිරීමක් සිදුව ඇති අතර එම හේතුව නිසා ජනතාවට එය දැනීමේ වැඩි ප්‍රවනතාවයක් ඇතිවෙලා තිබෙනවා. මේ පිළිබඳ පසු පිපුරි සිදුවේදැයි දැඩි අවධානයෙන් අපි සිටිනවා.

Related posts

රට පටවපු පොල්

Admin

පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යයි.. තෙල්දෙණියේ නොසන්සුන් තත්ත්වයක්

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin