Colombo Today Local News

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධාවනආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කළේය.

ඒ අනුව මැතිවරණ නිතී උල්ළංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි සන්නිවේදන ක්‍රම කිහිපයක් ඔස්සේ යොමු කිරිමට හැකියාව පවතියි.

011 – 288 62 79 , 011 288 64 21, 011 288 61 17 යනදුරකථන අංක වලට පැමිණිලි සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි.

ඊට අමතරව 071 – 9160000 යන දුරකථන අංකයට මහජන පැමිණිලිවට්ස් ඇප් හෝ වයිබර් කිරිමට හැකියාව පවතින බවද මැතිවරණ කොමිසම පැවසීය.

කෙසේවෙතත් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයටඅමතරව දිස්ත්‍රික් මට්ටමින් ද පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව එම කොමිසම වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ

Admin

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්

Admin

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

මයිලඩි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් !

colombotoday

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

colombotoday

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday