Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

හෙට (04) සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වනතෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවයි.

එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන විකාශය කළ යුතු බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

මාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් කටයුතු නොකරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවද එම ලිපියේ සඳහන් වන අතර පසුගිය 30 වනදා විකාශය කළ වැඩ සටහනකින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගතියට පත්වන අයුරින් කටයුතු කර ඇතැයි පැමිණිලක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනියට දැනුම් දී ඇත.

Related posts

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මහසෝන් බළකායේ නායක අමිත්ට මොකද වෙන්නේ… අමිත්ගේ බිරිඳ කියන කතාව

colombotoday