Covid 19

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ වයස මාස 3ක බිළිඳියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරාළ මහතා සඳහන් කළේ මේ වනවිට හුදකලාකර ඇති වලල්ලාවිට මාකලන්දාව ප්‍රදේශයේ බිළිඳියක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවය.

එම බිළිඳියගේ මවට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම බිළිඳිය සහ මව ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

Related posts

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday