තම මන්ත්රී ධුරය අහෝසි කර ඒ වෙනුවට මෛත්රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සාහයක නිරත වන බව ඒ. එච්. එම්. ෆවුසි මහතා චෝදනා කරයි.
සිය පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්රී ධුරය අහෝසි කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ක්රියා කළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බවද හෙතෙම කියා සිටී.
පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් මහින්ද අමරවීර විසින් කතානායක කරු ජයසූරියට සහ තමාට ලිපියක් යොමු කර ඇති බවද හෙතෙම කියා සිටී.