Colombo Today Local NewsTop Stories

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පතිරණ , එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,වැඩබලන පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න සහ නීතිපති  ඇතුළු හත්දෙනෙකු නම් කරනු  ලැබ සිටිති.

නීතිඥ නිලංග පෙරේරා මහතා මාර්ග⁣යෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකි.පෙත්සම්කරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දැනට පවතින මෙම තත්ත්වය තුළ කුමන හෝ තත්ත්වයක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනමේ අවදානමක් පවතී.

එබැවින් පෙත්සම්කරුගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

Related posts

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

colombotoday

මට බෝම්බ ගහපු මොරිස් හිරේ ඉදන් call කරනවා. – සරත් ෆොන්සේකා කියයි

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

එන සතියේ දැඩි ගං වතුරක්?? ලංකාවට අනතුරු අඟවයි

colombotoday

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

රංජන්ගේ ශාලාවේ මිනී මරුවෙකු, චන්ද්‍රපුෂ්පගේ ගෝලයෝ, කලු තුෂාර ඉන්නවා.. ඔහුගේ ජීවිතය අනතුරු දායක තැනක – දිලිප් කියයි

colombotoday