Colombo Today Sports News

මළල ක්‍රීඩාව නංවන්න සුසන්තිකා පදනම දමයි

Susi(1)

”ලංකාවේ ක‍්‍රීඩාවට අද සිදුවී තිබෙන විනාශය පැහැදිළියි”

”මම මීට පෙර ක‍්‍රීඩා ඇමැතිවරු දෙදෙනකු මුණ ගැහිලා අඩු තරමින් මටත්, ශ‍්‍රියානි, දර්ශා, සුගත් වගේ අපි කීප දෙනාටවත් පිටරටකට ගිහින් ක‍්‍රීඩා පරිපාලනය ඉගෙනීමට උදව් කරන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් මේ ඉල්ලීම් ඉටුවුණේ නෑ”

”අඩු තරමින් අපේ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් ගන්නවත් මේ රටේ අයට වුවමනාවක් තිබ්බේ නෑ. ඒ නිසා එහෙම වුවමනාවක් තිබෙන විද්වතුන් පිරිසක් එකතු කරගෙන මේ රටේ ක‍්‍රීඩාවට සේවයක් කරන්න මේ පදනම පිහිටුවා ගත්තා”

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් හා ලෝක ශූරතා පදක්කම් දෙකක් දිනා දුන් එකම ක්‍රීඩිකාව වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය එසේ පැවසූවේ 2000 වසරේ ඔලිම්පික් පදක්කම දිනා වසර 15 සපිරීම නිමිත්තෙන් (28) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

අභිනවයෙන් ස්ථාපිත කෙරෙන ‘සුසන්තිකා ජයසිංහ පදනමෙන්’ ඉදිරි වසර පහක කාලයක් ඇතුළතදී ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. ඒ සඳහා කුරුණෑගල අවටින් භුමියක් ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිඥා දී තිබෙන බව එම පදනමේ සභාපතිනි, ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී, සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩි දුරටත් පැවසූවාය.

ක‍්‍රීඩා, වෛද්‍ය, නීති, ව්‍යාපාරික ආදී ක්ෂේත‍්‍රයන්හි විද්වතුන් පිරිසකගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත සුසන්තිකා ජයසිංහ පදනම ලබන ඔක්තෝබර් 7 වැනිදා නිල වශයෙන් ස්ථාපිත කිරීමට නියමිතය.

Related posts

ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට එක්වන ක්‍රීඩකයින්

colombotoday

එක්දින තරග 300ක තීරකයා වී මඩුගල්ලේ ලෝක වාර්තාවක් තියයි

colombotoday

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

colombotoday

ශ්‍රී ලංකාව, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 12 ට

colombotoday

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

colombotoday