ජනවාරි 4 වනදා පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි තමන්ට දැනුම්දීමක් කර ඇතැයි ශ්රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ මහතා පවසයි.
ඒ මහතාට අයත් රාජගිරියේ පිහිට රුපියල් කෝටි 73ක් පමණ වටිනා පීකොක් මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශන සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහායි ඔහු අල්ලස් කොමිසට කැදවා තිබෙන්නේ. එමෙන්ම අදාළ මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති ලිපි ලේඛන ද එදිනට රැගෙන යන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇති බව ලියනගේ මහතා ප්රකාශ කළා.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට සූදානම් බව ඒ.එස්.පී. ලියනගේ මහතා මීට පෙර ප්රකාශ කර තිබුණා.