Colombo Today Local News

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය තමන් පිළිනොගන්නා නමුත් එතුමා ශක්තිමත් නායකයෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම හැමතැනම හොයනවා. පහුගිය අවුරුද්දේ සිරිසේන මේක විනාශ කළා. රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය මම පිළිගන්නේ නෑ. නමුත් එතුමා ශක්තිමත් නායකයෙක්.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මට කණගාටුයි. අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ.. සිරිසේන කැත විදිහට පක්ෂය විනාශ කළා. බැනුම් ඇහුවා, අපිව පරද්දන්න කියලා කිව්වා. දැන් ලැජ්ජා සහගත විදිහට අමාත්‍යාංශ කිහිපයක් දීලා තියෙනවා.”

“අපේ පක්ෂයේ සභාපතිට මොකුත් නෑ. ලේකම්ට බතික් අමාත්‍යාංශය..ඒකට ආයතන මොකුත් නෑ…”

“අලුත් නායකත්වයක් යටතේ අපේ පාක්ෂිකයින් අතරින් තෝරාගෙන පක්ෂය ඉදිරියට ගෙනියනවා. එහෙම කරන ඕනකෙනෙකුට මගේ සහයෝගය ලැබෙනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට පනින එක පුරුද්දක්. ඊට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ද බල කරනවා.. අපිට ඒක නවත්වන්න බෑ.. – කිරිඇල්ල

colombotoday

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

colombotoday

ප්‍රබල ඇමතිගෙන් වාහන බදු සහන කැබිනට් යෝජනාවක්.. කෝටි 1800ක් රජයට පාඩුයි !

colombotoday

රංජන් අධිකරණයට ගෙනඑයි

colombotoday

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

නාකොටික් IP ​බාරවෙයි

colombotoday